― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඉන්ධන හිඟයක් නෑ - ඇමති කංචන

ඉන්ධන හිඟයක් නෑ – ඇමති කංචන

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග සහ අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල කිසිදු ඉන්ධන හිඟයක් රට තුළ නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

ඉන්ධන වර්ග කිහිපයක හිඟයක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන පුවත් සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දිය තෙල් සමාගම සතු කිසිදු ඛනිජ තෙල් නිෂ්පාදනයක හිඟයක් නොමැති බවත් ඉන්ධන පිරවුම්හල්වල ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවත් අමාත්‍යවරයා එම සටහනෙන් දක්වා තිබේ.

ලබා දී ඇති සියලුම ඇණවුම් බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව පැවසූ අමාත්‍යවරයා අවධාරණය කළේ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 9,000ක් රැගත් නෞකාවක් ලබන 22 වනදා මෙරටට පැමිණීමට නියමිත බවයි.