25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportඑක්සත් අරාබි එමීර් රාජ්‍යයට දැවැන්ත ඉලක්කයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දැවැන්ත ඉලක්කයක්

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමත් වූ අතර ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දීමටයි.

එහිදි මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසනයේ ලකුණු 355 ක් ලබා ගත්තේ කඩුලු 6ක් දැවී. පැතුම් නිස්සංක ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු 76කදී ලකුණු 57ක් රැස්කලේ හතරේ පහර 5ක් සමඟින්, දිමුත් කරුණාරත්න පන්දු 54කදී ලකුණු 52ක් රැස්කලේ හතරේ පහර 7ක් තම ඉණිමට එක්කරමින්.

කුසල් මෙන්ඩිස් සාර්ථක පිතිකරණයක නියෙලුණු අතර හතරේ පහර 10ක් සමගින් පන්දු 63කදී ලකුණු 78ක් රැස්කළා. සධීර සමරවික්‍රම පන්දු 64කදී ලකුණු 73ක් රැස්කළා. ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට ජයග්‍රහණය සදහා 356 රැස් කළ යුතු වෙනවා.

මෙම තරගය පැවැත්වෙන්නේ සිම්බාබ්වේ හි බුලවායෝ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.