27 C
Colombo
Thursday, April 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සුරාසැල් ජූනි මස 19 වෙනිදා සිට ජූලි...

කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සුරාසැල් ජූනි මස 19 වෙනිදා සිට ජූලි මස 04 වැනිදා දක්වා වසා තැබේ

රුහුණූ කතරගම දේවාලයේ ඇසල මංගල්‍ය නිමිත්තෙන් කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි සියළුම සුරා සැල් ජූනි මස 19 වෙනිදා සිට ජූලි මස 04 වැනිදා දක්වා වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.

ඇසල පෙරහැර මංගල්‍ය පැවැත්වෙන කාලය කතරගම සහ අවට මතින් තොර කලායක් බවට පත් කිරීම සදහා අවශ්‍ය කටයුතු මේ විට ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.එම කාලය තුළ ප්‍රදේශයේ  නීති විරෝධී මත් පැන් වැටලීම සදහා ඌව පළාත් සහකාර සුරාබදු කොමසාරිස්වරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ කණ්ඩායම් යොදවා ඇති බවද සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.