29.5 C
Colombo
Sunday, August 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකිලෝ දහයක් බරැති ගෙඩියක් ගර්භාෂයෙන් සොයා ගනී

කිලෝ දහයක් බරැති ගෙඩියක් ගර්භාෂයෙන් සොයා ගනී

ගර්භාශයේ තිබු කිලෝ ග්‍රෑම් දහයක් බරැති ගෙඩියක් සැත්කමකින් සාර්ථකව ඉවත් කිරීමට හම්බන්තොට රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත්වුණා.

අම්බලන්තොට මැලේකොළණිය ප්‍ර දේශයේ පදිංචිව සිටි සිත්ති පවුසියා කාසිම් නැමැති 49 හැවිරිදි කාන්තාව පසුගියදා රෝහල් ගත කෙරුණේ හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන්.

පරීක්ෂණවලි දී වෛද්‍යවරුන්ට හඳුනාගත හැකිවුයේ ඇයගේ ගර්භාශයේ විශාලව වැඩුනු ගෙඩියක් පවතින බවයි.

හම්බන්තොට රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ගෙඩිය ශල්‍යකර්මයක් මඟින් ඉවත් කෙරුණා.