― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගොවි ජනතාවට විශේෂ පණිවුඩයක්

ගොවි ජනතාවට විශේෂ පණිවුඩයක්

මෙවර යල කන්නයේ දී වී වගාවේ ඇතැම් ප්‍රදේශවල පැතිරි ගිය Spodoptera හෙවත් ගොඩවෙල්ලා දළඹු හානිය මේ වනවිට මුළුමනින්ම පාලනය කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

තවදුරටත් යම් යම් ස්ථානවල සුළු වශයෙන් හෝ දළඹුවන් සිටිය හැකි වුවත් ඒ සඳහා බියට පත් නොවන ලෙසත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරින් දැනුම්වත් කිරීම මගින් අවශ්‍ය උපදෙස් ලබා ගත හැකි බවත් ආචාර්ය ජයන්ත සේනානායක සඳහන් කරනවා.

මෙම දළඹු හානිය කිසිසේත්ම සමස්ත අස්වැන්නමට බලපෑමක් එල්ල නොවන බවත්, මේ වනවිට දළඹු හානිය මුලුමනින්ම පාලනය කර ඇති බැවින් ඒ සම්බන්ධව සැකයක් ඇති කර ගත යුතු නැතැයි ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

ගොයම් කහවීම කිසිසේත්ම රෝග තත්ත්වයක් නොවේ. පසෙහි නයිට්‍රජන් ඌණවීම නිසා ගොයමට බලපෑ පෝෂණ ඌණතාවයක් බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කළ පර්යේෂණවලින් තහවුරු වී තිබේ.

මෙම යල කන්නයේ ද එවැනි ගොයම් කහවීමේ තත්ත්වයක් ඇති විය හැකි බැවින් බන්ඩි පොහොර අනිවාර්යෙන්ම යොදන ලෙසත්, ගොයම් කහවීමක් සිදු වුවහොත් බන්ඩි පොහොර හා යුරියා මිශ්‍ර කර කුඹුරුවලට යෙදීම මගින් ගොයම් කහවීම පාලනය කර ගත හැකිවා මෙන්ම අස්වැන්න ද ඉහළ නංවාගත හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.