27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජනවාරියේ විදුලි බිලෙන් ජනතාවට දැනෙන සහනයක්

ජනවාරියේ විදුලි බිලෙන් ජනතාවට දැනෙන සහනයක්

ලබන වසරේ ජනවාරි මාසයේදී ජනතාව වෙත සුවිශේෂි විදුලි ගාස්තු සහනයක් ලබාදීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ජූලි මාසයේදී විදුලි සංශෝධනයෙන් යම් ප්‍රමාණයක් අඩුවන බවත් ඊට වඩා ජනතාවට දැනෙන සහනයක් ජනවාරි මාසයේදී ලබාදීමට සැලසුම් යොදා ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

රටේ අමාරුකම් මම පිළිගන්නවා. විදුලිබිල වැඩියි. ඉන්ධන මිල වැඩියි. මම කියනවා ජනවාරි 1 වනදා විදුලි සංශෝධනය වෙනුවෙන් නොවැම්බර් මාසයේ යෝජනාව දෙන්න. දැන් ජූලි මාසයේ සංශෝධනයෙන් යම් ප්‍රමාණයක් අඩුවෙනවා. අවම මට්ටමේ විදුලිය භාවිතා කරන ඒකක 0 – 30, 30 – 60, 60 – 90 ඒ පිරිසට 27%කින් විදුලිබිල අඩුකරන්න අපි යෝජනා කරලා තියෙන්නේ. ජනවාරි මාසයේ දී මේ යන වැඩපිළිවෙල ගෙනියලා මීට වඩා දැනෙන සහනයක් විදුලිබිල වෙනුවෙන් ලබාදෙන්න කටයුතු කරනවා.