26.7 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalතාවකාලික පැලැස්තර නිසා ජාත්‍යන්තර පිළිගැනීමක් නැතිවෙලා

තාවකාලික පැලැස්තර නිසා ජාත්‍යන්තර පිළිගැනීමක් නැතිවෙලා

ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදී විදේශ ගතවුවත් ශ්‍රී ලංකාව ණය බරින් මුදවා ගැනීම සහ ආර්ථික වශයෙන් වර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් කිසිදු සහයෝගයක් හෝ අනුබලයක් ජාත්‍යන්තරයෙන් ලැබී නොමැති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ අද (19) කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ආණ්ඩුව ස්ථාවර පාලනයකට නොගොස් තාවකාලික පැලැස්තර ඇලවීම නිසා ජාත්‍යන්තර පිළිගැනීමක් නොමැති බව මේ තුළින් පැහැදිලි වන බවයි මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේ.