― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsදැරියට වූ නස්පැත්තිය ඇසූ දෙමව්පියෝ පොලීසියේදී කරගත් අපරාධය

දැරියට වූ නස්පැත්තිය ඇසූ දෙමව්පියෝ පොලීසියේදී කරගත් අපරාධය

තම 13 හැවිරිදි දියණිය අතවරයකට ලක්ව ඇති බවට සැලවීමත් සමඟ මව්පිය යුවළක් වැලිමඩ පොලිස් ස්ථානය තුළ දී වස පානය කළ පුවතක් වාර්තා වනවා.

එලෙස වස පානය කළ මව්පිය යුවළ අසාධ්‍ය තත්ත්වයෙන් වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සවස් කාලයේ වැලිමඩ නගරයේ මෙම දැරිය තනියම ගැවසී ඇති අතර මේ පිළිබඳව සැක සිතූ පොලිස් නිලධාරීන් ඇයව පොලිස් ස්ථානය වෙත රැගෙන තිබෙනවා.

අනතුරුව ඇයව රෝහල්ගත කර ඇති අතර පසුව බදුල්ල මහ රෝහල මඟින් ඇයගේ වෛද්‍ය වාර්තාව පොලිසිය වෙත යොමුකර ඇති බව සඳහන්. පසුව සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට දැරිය සහ ඇයගේ මව්පියන් ඊයේ (18) පස්වරුවේ පොලිසිය වෙත කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී දැරිය අතවරයට පත්ව ඇති බව දැනගැනීමට ලැබීමත් සමඟ ඇයගේ මව්පියන් විසින් මෙලෙස පොලිසිය තුළ දී වස පානය කර ඇති බව සඳහන්. මෙම දෙමව්පිය යුවළ පොලිස් ස්ථානය වෙත පැමිණිමේ දී වස බෝතලයක් සඟවාගෙන පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ඔවුන් දෙදෙනා රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා. දැරියගෙන් ලබාගත් ප්‍රකාශය මත දැරියට අතවර කිරීම සම්බන්ධයෙන් සැකපිට වැලිමඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.