27.8 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාකිස්තානු යුද නැවක් කොළඹට

පාකිස්තානු යුද නැවක් කොළඹට

පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘PNS TIPPU SULTAN’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී තිබේ.

ඊයේ (18) උදෑසන එම නෞකාව කොළඹ වරායට සේන්දු වී ඇති අතර දිගින් මීටර් 134.1ක් හා නැව් මුළුව 168ක ගෙන් සමත්විත ‘PNS TIPPU SULTAN’ යුද නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් JAWWAD HUSSAIN TI කටයුතු කරනු ලබයි.

එමෙන්ම, එම නෞකාව දිවයිනේ රැඳීසිටින කාලසීමාව තුළ එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා සහභාගීවීමට නියමිතය.