― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPolitical69 ලක්ෂේ බලාපොරොත්තු ඉටුකරන්න රනිල්ට සහය දෙනවා

69 ලක්ෂේ බලාපොරොත්තු ඉටුකරන්න රනිල්ට සහය දෙනවා

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන් 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටුකිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එක්ව කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (18) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පොළ දිස්ත්‍රික් ආසන බළමණ්ඩලය අමතමිනි.

අපි කවදාවත් වැඩිහිටියන්ට නාකි මයිනා කියලා බනින්නේ නෑ. හොඳට හොයලා බලන්න. නාකි මයිනා, නාකින්ට වෛර කරන පොස්ට් දාන මිනිස්සුන්ගේ අභ්‍යන්තරය හොයලා බලන්න. ඔවුන් පුදුම කුහකයෝ. එක්කෝ දෙමාපියන්ගෙන් අතවරයට ලක්වෙලා, එක්කෝ දෙමාපියෝ නිසා අසාධාරණයට ලක් වුණ අය. වැඩිහිටියන්ට වෛර කරන අය තමයි නාකි මයිනා කියලා බැන බැන අපේ වැඩිහිටියන් සමච්චලයට ලක් කරන්නේ.

මම ආඩම්බරනයෙන් කියනවා මම රෙජී රණතුංග ඇමතිතුමාගේ පුතෙක්. අනුරාධට කට ඇරලා කියන්න පුළුවන් මම දී.මු ජයරත්නගේ පුතෙක් කියලා. ⁣තාත්තලා අම්මලා ගැන කියන්න බැරි උන් තමයි නාකි මයිනා කියලා කතා කරන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකත්වය දෙන අපේ නායකයෝ කවදාවත්ම මිනිමරලා නෑ. මේ රට විනාශ කරන්න කටයුතු කරලා නෑ. ඔවුන් හැමදාම මේ රට රැක්කා. මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රට බේර ගත්තා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලෝකයේම මිනිස්සු කොවිඩ් වසංගතයෙන් මැරෙනකොට අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න කටයුතු කළා.

එදා රට වහනවද, නැද්ද කියල වෛද්‍යවරුන්, ආර්ථික විශේෂඥයන් විවිධ මත පළකරනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කිව්වේ ආර්ථිකය වැටුනොත් ගොඩ ගන්න පුළුවන්. මිනිස්සු මැරුණොත් මිනිස්සුන්ට පණ දෙන්න බෑ. අපි ටික කාලෙකට රට වහලා මිනිස්සුන්ට එන්නත් ටික දිලා මිනිස්සු සුරක්ෂිත කරලා අපි රට අරිමු කියලා. එකපාර එවැනි තීන්දුවක් ගත්තේ මිනිස්සු නිසයි. එතුමා බලයට ඇවිල්ලා මාස නවයයි වැඩ කරන්න පුළුවන් වුණේ කොවිඩ් වසංගතය හමුවේ රට වැටුනා. ඉන්පසු අරගලය නිසා රට වැටුනා. ආර්ථික අර්බුදය එක්ක ජනතාවට පීඩාවට පත්වෙද්දි මිනිස්සු විකල්ප මාර්ග හොයන්න ගත්තා.

අරගලයෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපති කරන්න පක්ෂයක් ලෙසයි තීන්දුවක් ගත්තේ. අද අපි ඒ තීන්දුව ගත්ත එක ගැන සතුටු වෙනවා. අවුරුද්දක කලින් මේ රටේ තිබුණ තත්ත්වය දිහා බලද්දි අද ආර්ථිකමය අතින් රට ගොඩ ගන්න ජනාධිපතිතුමා කටයුතු කරලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට මම තරම් බැනපු කෙනෙක් නෑ. මම තමයි යහපාලන ආණ්ඩුවට විරුද්ධව ප්‍රසිද්ධ වේදිකාවල්වල විවේඡනය කළේ. අපි හැම තිස්සෙම පක්ෂයට වඩා රට ගැන හිතන, කටයුතු කරන කණ්ඩායමක් නිසා අපි තීන්දු කළා අභියෝග භාර ගෙන රටේ ආර්ථික ගොඩගනගලා අනාගතය හදන්න පුළුවන් නායකයෙක් නිසා වත්මන් ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න.

අපේ පෞද්ගලික දේශපාලන මති මතාන්තර මොන දේ වුණත් රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ අවුරුද්දක් ඇතුලත පෝලීම් වල තිබුණ අර්බුදය අවසන් කළා. මේ රටේ විදුලිබල අර්බුදයට විසදුම් සොයන්න කටයුතු කළා. 69 ලක්ෂයක අපිට ඡන්දය දීපු මිනිස්සුන්ට වගකියන වගකීම අපිට තියෙනවා. ඒ බලාපොරොත්තු ඉටු කරන්න වර්තමාන ජනාධිපතිතුමා සමඟ එක්ව අප කටයුතු කරනවා. ඉදිරියේ පැවැත්වෙන ඕනිම මැතිවරණයකට අපි සුදානම්. අපි ඒ සඳහා අවශ්‍ය කටයුතු පක්ෂයක් ලෙස කටයුතු කරගෙන යනවා.