26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොන්දොස්තර නොමැතිව ගමන්කළ බස් රථවලින් ලැබුණු ආදායම මෙන්න

කොන්දොස්තර නොමැතිව ගමන්කළ බස් රථවලින් ලැබුණු ආදායම මෙන්න

දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා නගර හතරකට ධාවනය කෙරෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල බස් රථ ඊයේ (19) සිට කොන්දොස්තරවරයෙකු නොමැතිව ධාවනය වෙයි.

ඒ, එම බස් රථවල කොන්දොස්තරවරුන් මගීන්ට ටිකට්පත් ලබා නොදී මුදල් වංචා කිරීමේ සිද්ධි කිහිපයක් වාර්තා වීමත් සමඟය.

ඒ අනුව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ගමන් ආරම්භ කෙරෙන ගාල්ල, මාතර ඇඹිලිපිටිය සහ තංගල්ල බස් රථවල මෙලෙස කොන්දොස්තරවරුන් නොමැතිව රියදුරු පමණක් බස් ධාවනය ආරම්භ කර තිබේ.

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී කොන්දොස්තරවරයෙකු විසින් මගීන්ගෙන් මුදල් අයකර ටිකට් පත් ලබාදෙන අතර පසුව රියදුරු පමණක් බස් රථය රැගෙන යයි.

කොන්දොස්තරවරු නොමැතිව එලෙස ධාවනය කළ පළමු දිනය වූ ඊයේ දිනයේම ශ්‍රී ලංගමට අයත් රුහුණු බස් සමාගමේ අධිවේගී මාර්ග බස් රථ ආදායම අන් දිනවලට වඩා රුපියල් ලක්ෂ 10 කින් ඉහළ ගොස් ඇති බව ද වාර්තාවෙයි.

කෙසේ වෙතත් අධිවේගී බස් රථ රියදුරන් පැවසුවේ රිය සහයකයෙකු නොමැතිව ගමන් කිරීම අපහසු බවය.