32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපෙම්වතා හමුවීමට දැරියක් රැගෙන ගිය තරුණිය අත්අඩංගුවට

පෙම්වතා හමුවීමට දැරියක් රැගෙන ගිය තරුණිය අත්අඩංගුවට

ෆේස්බුක් හරහා හඳුනා ගත් පෙම්වතා මුණගැසීමට බාලවයස්කාර දැරියක් සමඟ යාපනයට ගිය තරුණියක් අලවතුගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

20 හැවිරිදි වියෙහි පසුවන මෙම තරුණිය ෆේස්බුක් හරහා යාපනයේ තරුණයෙක් සමඟ පෙම් සබඳතාවයක් ගොඩනඟා ගත් බවත් තම අසල්වැසි නිවෙසක සිටින ඇගේ මිතුරියක් හා නැගණියක් වන 15 හැවිරිදි තරුණියක්ද පෙම්වතා මුණගැසීම සඳහා සහභාගී කරවා ගත් බවත් ඇය පොලීසිය හමුවේ පවසා ඇත.

මොවුන් දෙදෙනා නිවෙස්වලට හොර රහසේ බස් රථයකින් යාපනය බලා පිටත්ව ගොස් ඇති අතර මොවුන් දෙදෙනා යාපනය නගරයේ ඉබාගාතයේ ඇවිදිනවා දුටු ජනතාව මොවුන් දෙදෙනා නුවර බසයකින් නැවතත් නිවැස් කරා පිටත් කොට ඇති බවයි වාර්තා වන්නේ.

තරුණියන් දෙදෙනා නිවසේ නොමැති බව දන්වා නිවැසියන් විසින් පොලීසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබූ නිසා මේ දෙදෙනා දිනකට පසු නිවෙසට පැමිණීමේදී මෙම තරුණිය අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

බාලවයස්කාර දැරියක් නීත්‍යානුකූල භාරකාරිත්වයෙන් අපහරණය කිරීමේ චෝදනාව මත මෙම තරුණිය අත්අඩංගුවට ගෙන තිබේ.