27.2 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපොහොර සම්බන්ධව විධිමත් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා - මහින්ද අමරවීර

පොහොර සම්බන්ධව විධිමත් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා – මහින්ද අමරවීර

පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් සම්පූර්ණ විධිමත් වාර්තාවක් දැනට සකස් වෙමින් පවතින බවත් එම වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේ දී ( 20) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කාබනික පොහොර ආනයනය සම්බන්ධව අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින‍් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වරින්වර ප්‍රශ්න නැගීම අවශ්‍ය නොවන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

වී මිල සම්බන්ධයෙන් ද විපක්ෂ නායකවරයා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ ගොවියාට උපරිම සාධාරණයක් ඉටු කිරීමට තමන් මැදිහත් වන බවත් වී මිලදී ගැනීමේ කටයුතු ද අද සවස සිට ආරම්භ කරන බවයි. මේ අතර මුදල් ලැබෙන පරිදි වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ද සිදු කරන බව අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් අවධාරණය කළේය.