29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalබේරේ වැවේ නාලා, හැංගිලා හිටපු වීරයෝ දැන් ඇමතිකම් ඉල්ලනවා

බේරේ වැවේ නාලා, හැංගිලා හිටපු වීරයෝ දැන් ඇමතිකම් ඉල්ලනවා

බේරේ වැවේ නාලා මන්දිරවල හැංගිලා හිටපු වීරයෝ ටික දැන් ඇමතිකම් ඉල්ලන බව තමාට ආරංචි වූ බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

අද රාජපක්ෂ පඬිවරුන් ගමින් ගමට ගොස් රට හදන්න පුළුවන් කියා කියන බවත් රට බංකොලොත් කළේ කවුදැයි දැන් අමතක වී තිබෙන බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ ඉස්සරහට දමා ගෙන මූල්‍ය අරමුදලට මුවා වී ජාතික ආරක්ෂාව ගැන කතා කරමින් පරණ වීරයෝ ටික නැවත තැනින් තැනට යන බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.