― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරට රැකියා පෙන්වා කෝටි 10ක් වංචා කරලා

රට රැකියා පෙන්වා කෝටි 10ක් වංචා කරලා

යුරෝපීය රටවල රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි 10කට අධික මුදලක් වංචා කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මිරිහාන මූලස්ථාන පොලීසිය පවසන්නේ සැකකරුගේ වංචාවට පුද්ගලයන් 50 කට ආසන්න ප්‍රමාණයක් හසුව ඇති බවයි.

කැනඩාව, නෙදර්ලන්තය, ස්විස්ටර්ලන්තය ආදී රටවල රැකියා ලබාදෙන බව පවසා තමන්ගෙන් රුපියල් ලක්ෂ 5 සිට 10 දක්වා මුදල් ප්‍රමාණයක් පුද්ගලයකු විසින් ලබාගෙන වසර එකහමාරක් තිස්සේ විවිධ කරුණු කියමින් මග හැර සිටින බවට මිරිහාන මූලස්ථාන පොලීසියට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

ඒ අනුව සැකකරුට විරුද්ධව මිරිහාන මූලස්ථාන පොලිසියට පමණක් පැමිණිලි පහළොවක් ලැබී ඇති බවත් ඊට අමතරව සැකකරු මේ ආකාරයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රැසක් රවටා සිදු කළ මුදල් වංචා සම්බන්ධයෙන් පොලිසි රැසකට පැමිණිලි 30කට අධික ප්‍රමාණයක් ලැබී ඇතැයි අනාවරණය වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ සැකකරු කෝට්ටේ, මාදිවෙල නිවසේ සිටින බවට ලද තොරතුරක් අනුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පොලිස් කණ්ඩායමක් සමඟ ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.