25 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෛද්‍ය ගැටුම ගැන GMOA අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි

වෛද්‍ය ගැටුම ගැන GMOA අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි

පසුගියදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පවත්වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ඉල්ලා සිටියි.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය රංජන් ගනේගම පැවසුවේ මෙම ගැටුම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ද ලැබී ඇති බවයි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකු අතර නිල ප්‍රශ්නයක් මුල් කර ගනිමින් ඇති වූ වාචික ආරවුලක් මත එම රෝහලේ එක් වෛද්‍යවරයකු අනෙක් වෛද්‍යවරයාට පහර දී තිබේ.

තුවාල ලැබූ වෛද්‍යවරයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.