25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශාෆ්ටර්ගේ මරණය ගැන අධිකරණ නියෝගයක්

ශාෆ්ටර්ගේ මරණය ගැන අධිකරණ නියෝගයක්

ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ මරණයට අදාළ පරීක්ෂණවලදී රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකරන ලද භාණ්ඩවලට අදාළ පරීක්ෂණ වාර්තා මෙතෙක් ලැබී නොමැති බැවින් එම වාර්තා කඩිනමින් කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඉදිරියේ කැදවනු ලැබුවා. එහිදී මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙන්වා දුන්නේ මෙම පරීක්ෂණයට අදාළව රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලද ලේ සාම්පල ඇතුළු ද්‍රව්‍යවලට අදාළ රජයේ රස පරීක්ෂක වාර්තා මෙතෙක් ලැබී නොමැති බවයි.

එම වාර්තා ලැබීමේ ප්‍රමාදයක් තිබෙන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය ඒවා කඩිනමින් කැඳවීමට පියවර ගන්නා ලෙසත් අවශ්‍ය නම් රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහිකැඳවීම් යොමු කිරීමට හැකියාව තිබෙන බවත් විවෘත අධිකරණයේ පැවසුවා.

ඉන් අනතුරුව පැමිණිල්ල ලබන 28 වනදා කැඳවන ලෙසත් නියෝග කෙරුණා.