23.9 C
Colombo
Sunday, December 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsෂාෆ්ටර්ගේ දුරකතනය ඥාතීන්ට ලබා දිමට රජයේ රස පරීක්ෂකවරයා විරුද්ධ වෙයි

ෂාෆ්ටර්ගේ දුරකතනය ඥාතීන්ට ලබා දිමට රජයේ රස පරීක්ෂකවරයා විරුද්ධ වෙයි

මියගිය දිනේෂ් ෂාෆ්ටර් භාවිත කළ ජංගම දුරකතනය සහ සිම්කාඩ්පත ඔවුන්ගේ ඥාතීන්ට ලබාදීමට රජයේ රස පරීක්ෂකවරයා විරුද්ධ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (20) ප්‍රකාශ කළා.

මෙම දුරකතනය සහ සිම්කාඩ් පත මරණකරුගේ පවුලේ ඥාතීන්ට ලබා දුන්පසු ඔවුන් එම දුරකතනයෙන් අන්තර්ජාලය හා සම්බන්ධ වීමේදී එහි ඇති දත්ත මැකී යා හැකි බවටත්, එම දුරකතනය සහ සිම්කාඩ් පත සම්බන්ධ පරික්ෂණ මෙතෙක් අවසන්ව නොමැති බවටත් රස පරීක්ෂකවරයාගේ වාර්තාවේ සදහන්ව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

සිද්ධියට අදාළ නඩුව ලබන 28 වැනිදා යළි කැදවීමට නියමිතයි