ආනයනික සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද ඉහළ දැමූ බව ආයෝජන ප්රවර්ධන අමාත්යංශය සඳහන් කරනවා.
ඒ අනුව කිලෝග්රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වල ආනයනය කරන සිමෙන්ති සඳහා සෙස් බද්ද රුපියල් 5.00 සිට රුපියල් 8.00 දක්වා ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.
එමෙන්ම කිලෝග්රෑම් 50 ට වැඩි හෝ තොග වශයෙන් ආනයනය කරන සිමෙන්ති සඳහා සෙස් බද්ද රුපියල් 3.00 සිට රුපියල් 5.00ක් දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.