31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsOnline ගමන් බලපත්‍ර ගැටළු වාර්තා කිරීමට විශේෂ අංකයක්

Online ගමන් බලපත්‍ර ගැටළු වාර්තා කිරීමට විශේෂ අංකයක්

අලුතින් හඳුන්වා දුන් ඔන්ලයින් ගමන් බලපත්‍ර ක්‍රමය යටතේ මේ වන විට විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් 3,265ක් ලැබී ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

මාර්ගගත අයදුම් කිරීමේ ක්‍රියාවලිය පසුගිය සතියේ දියත් කරනු ලැබූ අතර මෙම ක්‍රමය හරහා අයදුම්කරුවන්ට තම විදේශ ගමන් බලපත්‍ර ඔවුන්ගේ නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවතී.

මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ කිසියම් ගැටලුවක් ඇත්නම් හෝ පද්ධතියට අදාළ යම් තොරතුරක් ලබා ගැනීමට 1962 විශේෂ අංකයට දැනුම් දෙන ලෙසයි.