25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමරිකාවෙන් මෙරටට ඖෂධ තොගයක්

ඇමරිකාවෙන් මෙරටට ඖෂධ තොගයක්

ඇමරිකාව විසින් ඩොලර් මිලියන 39.6ක් වටිනා ඖෂධ තොගයක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කර තිබේ.

මෙරට ඇමරිකානු තානාපති ජූලි චන්ග් විසින් ඊයේ මෙම ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත බාර දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස පරිත්‍යාග කෙරුණු ඖෂධ අතරට ආසාදන තත්ත්ව, කොලෙස්ටරෝල්, නිර්වින්දන, ආතරයිටිස්, දියවැඩියාව හා වේදනානාශක ඇතුළු ඖෂධ වර්ග 32 ක් ඇතුළත් වේ.

මිතුරු රටක් ලෙස ඉදිරියේදී ශ්‍රී ලංකාවට තව තවත් ආධාර ලබාදීමට ඇමරිකාව සූදානම් බවයි එහිදී අදහස් දැක්වූ ඇමරිකානු තානාපති ජූලි චන්ග් කියා සිටියේ.