26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉදිකිරීම් අමුද්‍රව්‍ය මිල අඩු කිරීමට එකඟ වෙයි

ඉදිකිරීම් අමුද්‍රව්‍ය මිල අඩු කිරීමට එකඟ වෙයි

ඉදිකිරීම් ක්ෂේත්‍රයේදී භාවිත කරන අමුද්‍රව්‍යවල මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව වාණිජ අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් අතපත්තු සඳහන් කළේ අමුද්‍රව්‍ය ආනයනය කරන සමාගම් මිල අඩු කිරීමට එකඟ වී ඇති බවයි.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාම, ඉන්ධන මිල අඩුවීම, බැංකු පොලී අනුපාත අඩුවීම ඇතුළු විවිධ කරුණු හේතුවෙන් අමුද්‍රව්‍යවල මිල අඩු කිරීමේ හැකියාවක් දක්නට ලැබෙන බව ඔහු පෙන්වා දුන්නේය.

දැනට එකතැන පල්වෙන ඉදිකිරීම් කර්මාන්තය යළි ගොඩනැගීම සඳහා අමුද්‍රව්‍ය මිල අඩු කිරීම ඉතා වැදගත් වේ.

ඇතැම් සමාගම් නිෂ්පාදන මිල අඩු කිරීමට දැනටමත් පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.