26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුමුදුනී මගී බෝට්ටු සේවය යළි ඇරඹේ

කුමුදුනී මගී බෝට්ටු සේවය යළි ඇරඹේ

කුමුදුනී මගී බෝට්ටුව යාපනයේ කුරීකඩ්ඩුවාන් ජැටියෙන් අද (21) නැවතත් ඩෙල්ෆ්ට් බලා ධාවන කටයුතු ආරම්භ කර තිබේ.

මෙම මගී බෝට්ටුවේ අලුත්වැඩියා කටයුතු සදහා මාස හයක් ධාවනයෙන් ඉවත් කරනු ලැබීය.

1968 වසරේදී යාපනය හා ඩෙල්ෆ්ට් දූපත අතර මගී ප්‍රවාහනයට එක්කරන ලද කුමුදුනී
මගී යාත්‍රාව උතුරේ වැසියන් අතර පමණක් නොව විදේශිකයින් අතර ද ඉතා ජනප්‍රිය වූ බෝට්ටුවක් ලෙස හැඳින්විය හැකිය.

මෙම බෝට්ටුව කන්කසන්තුරේ වරායේ බෝට්ටු අලුත්වැඩියා මධ්‍යස්ථානයේදී අලුත්වැඩියාවට ලක් වූ අතර බෝට්ටුව මංගල ගමන ආරම්භ කිරීමට පෙර එහි කොටසක් මුහුදට යවා පොංගල් කිරිබත් පිස බෝට්ටුවට ආශිර්වාද කිරීම විශේෂත්වයකි.