31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොස්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් ජීවිතක්ෂයට

කොස්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් ජීවිතක්ෂයට

කොස්ගොඩ පොලිස් වසමේ හිද්දරුව ඥානවිමල මාවතේ පදිංචි පුද්ගලයෙකුට ඔහුගේ නිවස ඉදිරිපිටදී අද (21) උදෑසන 6ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඔහුට වෙඩි තබා ඝාතනය කොට ඇත.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කොස්ගොඩ හිද්දරුව ඤාණවිමල මාවතේ පදිංචි 52 හැවිරිදි පල්ජෝති ව්ජිත් මහේන්ද්‍ර සිල්වා නැමැති එක් දරු පියෙකි.

සිද්ධිය සම්බන්ධව කොස්ගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වනු ලබයි. සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.