23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගුවන්යානා ප්‍රමාදයක් - පිරිසකගේ කොරියා සිහිනය බොඳ වෙයි

ගුවන්යානා ප්‍රමාදයක් – පිරිසකගේ කොරියා සිහිනය බොඳ වෙයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ. එල්. 470 දරණ ගුවන් යානය ඊයේ (20) දිනයේදීත් පැය 12ක් පමණ ප්‍රමාද වීම හේතුවෙන් කොරියානු රැකියා සඳහා පිටත්ව යාමට නියමිතව සිටි ශ්‍රමිකයින් කණ්ඩායමට කොරියාව බලා පිටත් වීමට නොහැකි වී තිබේ.

කොරියානු රැකියා සඳහා පිටත්ව යන 800 වැනි කණ්ඩායම ලෙස මෙම කණ්ඩායම දකුණු කොරියාව බලා පිටත් කරයැවීමට අවශ්‍ය සියලුම කටයුතු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සූදානම් කර තිබූ නමුත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රමාදය නිසා ඔවුන් ඊයේ (20) දිනයේදී කොරියාවට නොඑවන ලෙසට කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුම්දී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර කියා සිටියේ කොරියාව බලා ශ්‍රමිකයින් රැගෙන යන ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා දිගින් දිගටම මේ ආකාරයට ප්‍රමාද වීම නිසා කොරියානු රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත් කරයැවීම බරපතළ ගැටලුවක් බවට පත්වී ඇති බවයි.

පසුගිය මැයි 23 වැනිදාද මේ ආකාරයට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ප්‍රමාද වූ අතර එම ගුවන් යානයෙන් කොරියාව බලා පිටත්ව යෑමට නියමිතව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් කොරියාවට භාරගැනීම එරට මානව සම්පත් දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කළේය.