― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsනින්ද ගැන පර්යේෂකයින් අනාවරණය කරගත් අලුත්ම දේ මෙන්න

නින්ද ගැන පර්යේෂකයින් අනාවරණය කරගත් අලුත්ම දේ මෙන්න

දිවා කාලයේ දී කෙටි නින්දක් ලබා ගැනීම මිනිස් මොළය නිරෝගීව තබා ගැනීමට හිතකර වන බවයි පර්යේෂකයින් පිරිසක් විසින් අනාවරණය කරගෙන ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලන්ඩන් University College හි පර්යේෂකයින් කණ්ඩායමක් විසින් මේ බව අනාවරණය කර ඇති බවයි.

එම පර්යේෂණය සඳහා අවුරුදු 40 සිට 69 දක්වා වයස්වල පසුවන පුද්ගලයින් 35,080 දෙනෙකුගේ දත්ත විශ්ලේෂණයට ලක් කර තිබෙනවා.

ඒ අනුව එම පර්යේෂකයින් පෙන්වා දී ඇත්තේ දිවා කාලයේ දී ලබන නින්ද ඩිමෙන්ශියාව සහ වෙනත් රෝග තත්ත්වයන් ඇතිවීමේ අවදානම අවම කරන බවයි.

දිවා කාලයේ දී කෙටි නින්දක් ලබන පුද්ගලයින් සහ නින්දක් නොලබන පුද්ගලයින් අතර වෙනස්කම් පවතින බවට ද අදාළ පර්යේෂණයේ දී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව දිවා කාලයේ දී ලබන කෙටි නින්ද පුද්ගලයින් වයසට යාමේ දී ඔවුන්ගේ මොළයේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමට උපකාරී වන බවයි එම පර්යේෂකයින් පෙන්වාදෙන්නේ.