― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsPoliticalනීතියක් නැති රටක් තියෙන්න බැහැ - අගමැති

නීතියක් නැති රටක් තියෙන්න බැහැ – අගමැති

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ලක්ෂ 420ක වියදමින් ඉදිකළ හොරණ, මධුරාවල ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල 2023.06.21 දින ජනතා අයිතියට පත්කිරීම සහ මදුරාවල, බදුරලිය, වලල්ලාවිට ඉඩම් හිමිකම් ඔප්පු 738 ක් ප්‍රධානය කිරීමේ අවස්ථාවන්ට එක්වෙමිනි.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා –

මේ අපේ පැරැණි ගම්වල උරුමයන් කියාපාන ප්‍රදේශයක්. අපනයනය කරන ලද රබර් ප්‍රමාණය සංඛ්‍යාලේඛන වලින් ගණන් හැදුවොත් බුලත්සිංහලට ලැබිලා තියෙන රජයේ සහය ඉතාම අඩුයි. සංඛ්‍යා ලේඛන සකස් කිරීමේ දී සහ යළි ආයෝජනය කිරීමේදී ඇති වී තිබෙන පරතරය නිසා කේන්ද්‍රීය නගර පමණක් දියුණුවෙමින් ග්‍රාමීය ජනයාගේ ජන ජීවිතය හා පහසුකම් දියුණු කිරීම අවම වීම නිසා ඊට නිශ්චිත ආයෝජනයන් වැඩ කිරීමේ අවශ්‍යතාව ඇති වී තිබෙනවා. අද සිදුකෙරෙන ඉඩම් අයිතිවාසිකම් ලබාදීම තවත් ජයග්‍රහණයක්.

අප මුහුණ දුන්නු අමාරු කාලය ඔබ සැමගේ ශක්තියෙන් ජයගන්න පුළුවන් වුණා. නීතියක් නැති රටක් තියෙන්න බැහැ. අරාජිකත්වය පදනම් කරගත් හිංසා වාදයට මුල් තැන දෙමින් රටක් පාලනය කරන්න බැහැ. ඒ නිසා හිංසා වාදය ප්‍රතික්ෂේප කොට අවිහිංසාවාදයේ මූලධර්ම මත යළිත් රටේ නීතිය හා සාමය ස්ථාපිත කරමින් ආර්ථික ගමන ශක්තිමත් කරන්නට අපට හැකියාව ඇති වී තිබෙනවා.

අර්බුදයෙන් ගොඩ එන්න අපට ශක්තිය දුන්නු ග්‍රාමීය ජනතාව රට පුරා සිටිනවා. අපේ ගම්බද ජනතාවගේ ගොවිතැන් කිරීම නිසා අතිරික්තයක් බිහිකරන්න පුළුවන් වුණා. එය ගම්බද ගොවි ජනතාව ඇති කරපු ජයග්‍රහණයක්. ඒ විශ්වාසය ඇති කරන්න පුළුවන් වීම නිසා ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තරව විශාල විශ්වාසයක් ඇති කරන්න පුළුවන් වුණා. අපේ රට ආර්ථිකව ගොඩනඟන්න පුළුවන් කියලා ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති වුණා. හැම ක්ෂේත්‍රයක්ම යළි පණ ගන්වන්නට ඕනේ. අපි පිළිගන්නවා. පාසැල් හැර යන හැම තරුණ තරුණියකටම තමන්ගේ දැනුම වර්ධනය කරගෙන පුහුණුවකට පරිවර්තනය කිරීම සඳහා ජනාධිපතිතුමා ප්‍රධාන රජය සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම වැඩසටහන් දියත් කොට තිබෙනවා.

හැම ගමක්ම ස්වයංපෝෂිත ගම්මාන බවට පත්විය යුතුයි. හැම හැමදේකින්ම අපට ස්වයංපෝෂිත වෙන්න බෑහැ. නමුත් යම්කිසි දෙයකින් අපට ස්වයංපෝෂිත වෙන්න පුළුවන් නම් හැම ගමක්ම ඒකාබද්ධ කොට ස්වංපෝෂිත ගම්මාන සැලැස්ම සාර්ථක කරගන්නට පුළුවන්. රට ගොඩනැගීම සඳහා සැලසුම් ඇති කරගෙන යන මෙම කාල පරිච්ඡේදයේ ඒ පිළීබඳ දැඩි අවධානයක් යොමු කළ යුතුයි.