26.1 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබස්නාහිරට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

බස්නාහිරට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් මේ සතියේ සහ එළැඹෙන සතිය තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ජාතික මට්ටමින් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මට්ටමින් මෙම මර්දන ව්‍යාපාරය ක්‍රියාත්මක බවයි එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ ළ්හිරු කොඩිතුවක්කු සඳහන් කළේ. මේ මාසයේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගින් 7069 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 46,473ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කළේ ගම්පහ, කොළඹ, කළුතර, මහනුවර, කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 67ක් තවදුරටත් ඩෙංගු අධිඅවදානම් තත්නවයේ පවතින බවයි.