27.8 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමවගේ අනියම් පෙමට විරෝධය පෑ දියණියට ගුටි දීලා

මවගේ අනියම් පෙමට විරෝධය පෑ දියණියට ගුටි දීලා

ශ්‍රීපුර පොලීසිය විසින් දැරියකට පහර දුන් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැරයන්වරයා මෙලෙස පහර දී ඇත්තේ ඔහුගේ අනියම් බිරිඳගේ දියණියට බවයි පොලීසිය පවසන්නේ.

සිය මව පොලිස් සැරයන්වරයා සමග පවත්වන අනියම් සම්බන්ධතාවයට මෙම 17 හැවිරිදි දියණිය විරෝධය දක්වා ඇති අතර එම අවස්ථාවේදී නිවසේ සිටි සැරයන්වරයාටද දියණිය බැන වැදී ඇති බවයි වාර්තා වන්නේ.

එම බැන වැදීම නොරිස්සූ සැරයන්වරයා දැරියට පහර දී ඇති අතර පහරදීමෙන් තුවාල ලැබූ දැරිය ප්‍රතිකාර සඳහා ශ්‍රීපුර රෝහලට ඇතුළත් කර තිබේ.

අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.