― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalමහින්ද භූතයෙකු කොට පෙන්වා රට ගැන කතා කරන අපේ කට වහන්න හදනවා...

මහින්ද භූතයෙකු කොට පෙන්වා රට ගැන කතා කරන අපේ කට වහන්න හදනවා – විමල්

දෙමළ ජාතික සන්ධානය ජාතිවාදය අවුස්සන විට ඊට ප්‍රතිචාර දක්වන තමන් ජාතිවාදයෙකු ලෙස හංවඩු ගසන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ චෝදනා කරයි.

දෙමළ හෝ මුස්ලිම් ජනතාවට විරුද්ධව තමන් කුමක් හෝ ප්‍රකාශ කොට ඇත්දැයි හිටපු ඇමැතිවරයා ප්‍රශ්න කළේය.

මහින්ද රාජපක්ෂට යළි පණ දීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ භූතයෙකු කොට පෙන්වා රට දැය පිළිබඳ කතා කරන පිරිස නිහඬ කිරීමට උත්සාහ කරන්නේ යැයි ද විමල් වීරවංශ සඳහන් කළේය.

නඩුවකට පෙනී සිටීම සඳහා අධිකරණයට පැමිණ නික්ම යන අවස්ථාවේ ඔහු මේ බව කීය.