26.7 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැයි මාසයේ තේ අපනයනය ඉහළට

මැයි මාසයේ තේ අපනයනය ඉහළට

මැයි මාසයේදී තේ අපනයනය ඉහළ ගොස් තිබේ.

මෙම වසරේ මුල් මාස හතර තුළ දක්නට ලැබුණු පහත් වැටීමේ ප්‍රවණතාවයට එරෙහිව යමින් මෙලෙස අපනයනය ඉහළ යෑම විශේෂ කරුණකි.

පසුගිය වසරේ මැයි මාසය හා සසදා බැලීමේදී මේ වසරේ මැයි මාසයේ දී තේ අපනයන 4.3% කින් ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත්, මේ වසරේ මැයි මාසය දක්වා මාස පහ තුළ තේ අපනයනය සමස්තයක් ලෙස ගත් විට පසුගිය වසරේ අදාල කාල සීමාව හා සසදා බැලීමේ දී 10.7% කින් පහත වැටී ඇත.

2023 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාව විසින් තේ කිලෝග්‍රෑම් මිලියන 90.80 අපනයනය කර ඇති අතර 2022 වසරේ අදාළ කාල පරිච්ඡේදය සදහා තේ අපනයනය තේ කිලෝග්‍රෑම් මිලියන 101.72 කි.