27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරත්තරන් කියා බොත්තම්වලට රැවටුණු තරුණයින්

රත්තරන් කියා බොත්තම්වලට රැවටුණු තරුණයින්

අග්බෝපුර පොලීසිය විසින් නිධානයකින් ලබාගත් රත්තරන් විකිණීමට තිබෙන බව පවසමින් වංචනිකව සෑදූ බොත්තම් තොගයක් රුපියල් ලක්ෂ 04ක මුදලකට විකුණා රැගෙන යන අතරතුර අත්අඩංගුවට ගෙන තිබේ.

අග්බෝපුර පොලිස් මුරපොලේදී රත්තරන් ලබාගත් තරුණයින් දෙදෙනා කන්තලේ දෙසට පැමිණෙමින් සිටියදී ඔවුන්ව සොදිසි කර තිබෙන අතර එහිදී මෙම ව්‍යාජ රත්තරන් බොත්තම් තොගය සොයාගෙන ඇති අතර මෙම ජාවාරම ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා සිදුකර ඇති බව වාර්තා වනවා.

එනම්, ඒවා පරීක්ෂාකර තරුණයින් දෙදෙනාගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුන් පවසා ඇත්තේ, හබරණ ප්‍රදේශයේ පුද්ගලයින් කිහිපදෙනෙකු ෆේස්බුක් මගින් හඳුනාගෙන මෙම ගනුදෙනුව සිදුකළ බවය.

අද (21) දින සැකකරුවන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ අග්බෝපුර පොලීසිය විසින් සිදුකරයි.