― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsවිෂ මත්ද්‍රව්‍ය ගැන කියන්න දුරකථන අංකයක්

විෂ මත්ද්‍රව්‍ය ගැන කියන්න දුරකථන අංකයක්

විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු සහ වෙනත් සුවිශේෂී තොරතුරු දැනුම්දීම සදහා ඒ සඳහා ස්ථාපනය කර ඇති දුරකථන අංකය ඔස්සේ ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව 1997 කෙටි දුරකථන අංකය ඔස්සේ විෂ මත්ද්‍රව්‍ය, සංවිධානාත්මක අපරාධ, මහා පරිමාණ පාරිසරික හානි, උසස් අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මක වන නවක වද සිද්ධීන් පිළිබඳ තොරතුරු දැනුම්දිය හැකියි.