27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයාපනයේ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ නිවෙස්වලට බෝම්බ ප්‍රහාරයක්

යාපනයේ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ නිවෙස්වලට බෝම්බ ප්‍රහාරයක්

යාපනය කන්දර්මඩම් පාල්ම් මාර්ගයේ පිහිටි වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ නිවෙස්වලට පෙට්‍රල් බොම්බ ප්‍රහාරයන් දෙකක් එල්ල වී ඇතැයි පොලීසිය පවසයි.

එයින් කිසිදු අයෙකුට ජීවිත හානි සිදු වී නොමැති බව වාර්තා වෙනවා.

ප්‍රහාරයෙන් නිවසට හා හාණ්ඩ වලට සුළු හානි සිදුව ඇති අතර එම බෝම්බ පෙට්‍රල් හා වෙනත් ද්‍රව්‍ය උපයෝගී කරගෙන යාපනයේම නිෂ්පාදනය කරන ලද බෝම්බ බව පොලිසිය පවසයි.

පොලිසිය සැක කරන්නේ, එම එක් වෛද්‍යවරයෙකු හා යාපනයේ පදිංචිකරුවන් පිරිසක් අතර කාලයක් තිස්සේ පවතින ඉඩම් ආරවුලක් මෙයට හේතු වන්නෙට ඇති බවයි.

කෙසේවෙතත්, යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.