27.8 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහමුදා සෙබළුන්ගේ සලාක මුදල ඉහළට

හමුදා සෙබළුන්ගේ සලාක මුදල ඉහළට

සියලු හමුදා සාමාජිකයන්ගේ සලාක මුදල රුපියල් 10,000 කට ආසන්න මුදලකින් ඉහළ නංවා ඇති බව යුද හමුදාව පවසයි.

මෙරට ඇතිවූ ආර්ථික අවපාතය හේතුවෙන් පීඩනයට පත් වූ සියලු හමුදා සාමාජිකයන්ට සහනයක් ලෙස මෙම පියවර ගෙන තිබේ.

හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් කියා සිටියේ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ කළ ඉල්ලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය හිමිව ඇති බවයි.

ඒ අනුව සක්‍රිය සේවයේ නිරත සියලු යුද හමුදා සාමාජිකයන්ගේ මාසික සලාක දීමනාව 2023 අප්‍රේල් මාසයේ සිට ඉහළ නැංවුණු අතර එය මැයි මාසයේ සිට සියලුම යුද හමුදා සාමාජිකයන්ගේ වැටුපට එකතු කර ඇති බව හමුදා ප්‍රකාශකවරයා කීය.