26.7 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅධිකරණයට අපහාස කළ ඩයනාට එරෙහිව පියවර

අධිකරණයට අපහාස කළ ඩයනාට එරෙහිව පියවර

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහිව පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත ඉල්ලීමක් යොමු කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මෙම නියෝගය නිකුත් කළේ.

පසුගිය මැයි මස 29 වනදා රූපවාහිනී නාලිකාවක දේශපාලන සංවාධාත්මක වැඩසටහනකදී රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම පියවර ගෙන තිබෙනවා.