32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය ධීවරයින් 22ක් අත්අඩංගුවට

ඉන්දීය ධීවරයින් 22ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් ඇල්ලීමේ චෝදනා මත ඉන්දීය ධීවරයින් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය ධීවරයින් ඊයේ (21) රාත්‍රියේ යාපනය නෙඩුන්දිව් ආසන්නයේ මසුන් අල්ලමින් සිටියදී එම ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදුණු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බෝට්ටු 3ක් සහ ධීවරයින් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ධීවරයින් මයිලිටි වරායට ගෙන්වා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට භාර දීමට ද පියවර ගෙන ඇත.

මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2023 ජුනි (20) වැනිදා පෙරවරුවේ නෙඩුන්දිව් මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමේදී, නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගැනීම ද විශේෂත්වයක්.