31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalඖෂධ ගන්න මුදල් නැත්නම් මට ඇමතිකම එපා

ඖෂධ ගන්න මුදල් නැත්නම් මට ඇමතිකම එපා

ඖෂධ ගැනීමට ප්‍රමාණවත් මුදල් නොදෙන්නේ නම් තවදුරටත් තනතුරු දැරීමේ බලාපොරොත්තුවක් තමාට නැති බව කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (22) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඖෂධ හිඟය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඖෂධ මිලදී ගැනීමට මුදල්වල ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ ගැන අද වැඩබලන මුදල් ඇමතිතුමා එක්ක සාකච්ඡා කරනවා. ඖෂධ මිලදී ගැනීමට මුදල් ගැනීමට හැකියාවක් නැත්නම් එය මේ සභාවට දැනුම් දෙනවා. මේ මුදල සොයාගන්න බැරිනම් තනතුරු දැරීමේ බලාපොරොත්තුවක් නැහැ. මොකද එහෙම කළොත් එය සමාජයට කරන, සෞඛ්‍ය සේවයට කරන විශාල අඩුපාඩුවක් වෙනවා.එහෙම අඩුපාඩුවක් වුණොත් ඒ වගකීම මට බාරගන්න බැහැ.

ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලියේ බරපතළ ගැටලු තියෙනවා. මිලදී ගැනීම් ක්‍රියාවලියේ කාලය පිළිබඳ ප්‍රශ්නයක්. අධිකරණයට අපේ ගෞරවයක් තියෙනවා. නමුත් අධිකරණය ගන්න සමහර තීන්දුවලින් අපිට යම්කිසි බලපෑම් ඇතිවෙලා තියෙනවා. ඒ ගැන කනගාටුව පළ කරනවා. අධිකරණ ඇමැතිතුමා සමග ඒ පිළිබඳව සාකච්ඡා කරනවා.