26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකරාපිටිය රෝහලේ ‍වෛද්‍යවරු 100කගේ හිඟයක්

කරාපිටිය රෝහලේ ‍වෛද්‍යවරු 100කගේ හිඟයක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 100 දෙනෙකුගේ පමණ හිඟයක් පවතින බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් රෝහලේ රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යාමේදී ගැටලු රැසක් ඇති වී තිබේ.

කරාපිටිය ශික්ෂණ රෝහල සඳහා වෛද්‍යවරුන් 556 දෙනෙකු අවශ්‍ය වුවත් දැනට සිටින්නේ වෛද්‍යවරුන් 460 දෙනෙකු වන අතර මෙම වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් රෝහල තුළ අලුතෙන් ඉදිකළ ශල්‍යාගාරයක් හා දැඩි සත්කාරක ඒකකය භාවිතයට ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය යූ.එම්. රංගගේ මෙසේද පැවසීය.

දැනට වෛද්‍යවරුන් 100 දෙනෙකුගේ පමණ හිඟයක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ප්‍රමාණවත් තරම් වෛද්‍යවරුන් ලබා නොදීම තමයි මෙම තත්ත්වයට හේතුවෙලා තියෙන්නේ. ඉල්ලන වෛද්‍යවරු සංඛ්‍යාව අමාත්‍යාංශය මගින් ලබා දෙන්නේ නෑ.