30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකරුවලගස්වැව භීතියට පත්කළ කිඹුලා අල්ලයි

කරුවලගස්වැව භීතියට පත්කළ කිඹුලා අල්ලයි

කරුවලගස්වැව රජවිගම ප්‍රදේශයේ ජනතාව භීතියට කරමින් සුනඛයින් හා ගවයින් ආහාරයට ගනිමින් සැරිසැරූ දැවැන්ත කිඹුලෙකු උගුලකට හසුවීමෙන් අනතුරුව වනජීවී භාරයට ගෙන තිබෙනවා.

ගම්වාසීන් විසින් අටවා තිබූ උගුලට හසුවූ කිඹුලා වනජීවී නිලධාරීන් විසින් අල්ලා ගෙන නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකට භාර දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අඩි 12 කට ආසන්න දිගකින් යුත් කිඹුලා රජවිගම රදවි බැඳි ඇලේ නිරන්තරයෙන් සැරිසරමින් සිටි බව ජනතාව ප්‍රකාශ කළා.

අවස්ථා කිපයකදී මෙම දැවැන්ත කිඹුලා ප්‍රදේශයේ දහවල් කාලය තුළ ඇලේ සැඟවී සිට රාත්‍රී කාලවලදි නිවෙස්වලට පැමිණ සුනඛයින් සහ කුඩා වසු පැටවුන් ආහාරයට ගෙන ඇති බව ද සඳහන්.

එමෙන්ම අවස්ථා කිහිපයකදී ඇලේ දිය නාමින් සිටි කුඩා දරුවන් බිළි ගැනීමට ද මෙම කිඹුලා උත්සහ කර ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. අවස්ථා ගණනාවකදී කිඹුලා කොටු කර ගැනීමට ගම්වාසින් උත්සහ කර ඇති නමුත් එය සාර්ථක වී නොමැති අතර පසුව කිසියම් අයෙකු දැමූ උගුලකට මෙම කිඹුලා හසුවී සිටියදී ගම්වාසින් කළ දැනුවත් කිරීමෙන් පසුව වනජීවී නිලධාරීන් පැමිණ එම සත්වයා රැගෙන ගොස් තිබුණා.

වනජීවී නිලධාරීන් කිඹුලා අල්ලා ගන්නා විට උගුල ඇටවූ අයෙකු යෙදූ කටුවක් උගුරේ සිරවී තිබී ඇති අතර එය ආපසු ගෙන ප්‍රතිකාර කිරීමටයි නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකය වෙත රැගෙන යාමට කටයුතු කර ඇත්තේ.