28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුඩා දැරියක් යුද හමුදා බසයට බිලි වෙයි

කුඩා දැරියක් යුද හමුදා බසයට බිලි වෙයි

යුද හමුදා බස් රථයක් ස්කූටරයක ගැටී එහි ගමන් ගත් තුන් හැවිරිදි දැරියක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ රයිගම කැලේ කඩේ පාර ප්‍රදේශයේ පදිංචිව සිටි ඉසදි දෙනෙත්මා සපුගේ නැමැති තුන් හැවිරිදි දැරියකි. මියගිය දැරියගේ මව බණ්ඩාරගම සමුපාකාර සමිති ප්‍රධාන කාර්යාලයේ ගණකාධිකාරිවරිය වන බවත් ඇය දැරිය තම ස්කූටරයේ නංවාගෙන කාර්යාලය වෙත පැමිණෙමින් සිටියදී එම සමූපාකාර කාර්යාලය ඉදිරිපිටදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම අනතුර සිදු වූ සැණින් ප්‍රදේශවාසීන් බරපතළ තුවාල ලබා සිටි දැරිය සහ මව බණ්ඩාරගම දිසා රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් දැරිය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

කළුතර සිට යුද හමුදා මූලස්ථානයට සහ ආරක්ෂක අමාත්‍යාංශයට කාර්ය මණ්ඩලයේ රැගෙන යමින් සිටි බස් රථය බණ්ඩාරගම සිට කැස්බෑව දෙසට ධාවනය වෙමින් තිබියදී ස්කූටරයේ ගැටී මෙම අනතුර සිදුව ඇත.