31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකෝටි 65ක හෙරොයින් තොගයක් අත්අඩංගුවට

කෝටි 65ක හෙරොයින් තොගයක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් රුපියල් කෝටි 65 කට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 16193ක පමණ තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

පාකිස්ථානය කරච්චි නුවර සිට පැමිණි නෞකාවක තිබී මෙම හෙරොයින් තොගය ශ්‍රී ලංකා රේගු වරාය පාලන අංශය විසින් සොයාගෙන තිබේ.

වරාය රේගු පාලන අංශය වෙත ලැබුණු බුද්ධි තොරතුරකට අනුව කළ දීර්ඝ විමර්ශනයකදී එම නෞකාවේ සීත බහලුමක කුටීරයක තිබී මෙම හෙරොයින් තොගය සොයාගෙන ඇති අතර එම හෙරොයින් තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් 647,720,000 බවයි ඔවුන් පවසන්නේ.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තුමේන්තුව ක්‍රියාත්මක කරන විමර්ශනයෙන් පසුව අදාළ මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට බාරදීමට නියමිතය.