29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගිනි අවියක් ක්‍රියාත්මක වී සිසුවෙක් ජීවිතක්ෂයට

ගිනි අවියක් ක්‍රියාත්මක වී සිසුවෙක් ජීවිතක්ෂයට

අඹන්පොල පොලිස් වසමේ ආගරේ ප්‍රදේශයේදී කොටන තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් පාසල් සිසුවෙක් තුවාල ලබා ගල්ගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී මෙම සිසුවා මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16 ක් වන කැත්තපහුව, අඹන්පොල ප්‍රදේශයේ පදිංචි සිසුවෙකි.

මියගිය ළමයා ඔහුගේ පියා හා මව සමග ආගරේ ප්‍රදේශයේ පොල් වගා කර ඇති ඉඩමේ පිහිටි පැල වෙත ගොස් සිට ඇති අතර ළමයා එම පැලේ නතර කර ඔහුගේ මව සහ පියා ඒ අසල පිහිටි ගොයම් වගා කර ඇති කුඹුරේ පැලට ගොස් සිට ඇත. එම අවස්ථාවේ පොල් වගා කරන ලද ඉඩම දෙසින් වෙඩි ශබ්දයක් ඇසී ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී තුවාල සහිතව ඔවුන්ගේ පුතා පැල ආසන්නයේ කොටන තුවක්කුවක් ද සමඟ වැටී සිටියදී රෝහල් ගතකර ඇති බවට සිදුකල විමර්ශනයේදී අනාවරණය වි ඇත.

මෘත දේහය ගල්ගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. අඹන්පොල පොලිස්‌ ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.