28.9 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචර්ම රෝගවල වැඩිවීමක්

චර්ම රෝගවල වැඩිවීමක්

‘ලිෂ්මනයිසීස්’ (leishmaniasis) නමැති චර්ම රෝගය සහිත රෝගීන් දිවයිනේ පළාත් කිහිපයකින් බහුලව වාර්තා වන බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජ්.එච්.ඩී.ජනප්‍රිය පැවසීය.

වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ වැලිමැස්සා දෂ්ඨ කිරීම හේතුවෙන් මෙම රෝගය වැළඳෙන බවයි.

ලිෂ්මනයිසීස් රෝගය දැනට ලංකාවේ ඉතාම සුලබ රෝගයක් වෙලා. උතුරු මැද පළාත, උතුරු පළාත, වයඹ පළාත, දකුණු පළාත ඒ වගේම ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ඉතාමත් බහුලව දැනට රෝගීන් වාර්තා වෙනවා. එහිදී රෝග වාහකයා වශයෙන් කටයුතු කරන වැලිමැස්සා කියන මි.මී 2 – 4ක පමණ දිගින් යුතු ළා දුඹුරු පාට රෝම සහිත ඉතා කුඩා මැසි වර්ගයක්. වැලි මැස්සා සන්ධ්‍යා කාලයේ සහ අලුයම් කාලයේ ඉතාම ක්‍රියාශීලි වෙනවා. මිනිසුන් අනපේක්ෂිත වශයෙන් මෙම සතාගේ ගොදුරු බවට පත්වෙනවා එම කාලසීමාව තුළ දී. රෝග ලක්ෂණ විදියට මතුවෙන්නේ ප්‍රධාන වශයෙන්ම හමේ පාට සහිත හෝ ළා රතුපාට, හමේ ගැටිත්තක්, ඉස්සුනු පැල්ලමක් හෝ ලොකු තුවාලයක් වශයෙන් දැනෙනවා. ප්‍රධාන වශයෙන් ශරීරයේ නිරාවරණය වූ තැන්වල තමා සුලබව දක්නට ලැබෙන්නේ. අනුරාධපුර නම් සෑම සායනයකටම දිනකට රෝගීන් 10ක් වගේ අලුතින් එනවා. දිනකට පැමිණෙන රෝගීන් ප්‍රමාණය වැඩියි. නිසි ප්‍රතිකාර කරලා සුවපත් කරනවා.