26.7 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරැල්ලේ වෙඩි තැබීමක්

බොරැල්ලේ වෙඩි තැබීමක්

බොරැල්ල ප්‍රදේශයේදී අද (22) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

බොරැල්ල හරස් පාර ප්‍රදේශයේ නිවසකට පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ. අදාළ නිවෙස් හිමියා පාවහන් සමාගමකට අධ්‍යක්ෂවරයෙක් වන අතර ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇතැයි ද සඳහන්.

ඉන් අදාළ නිවසේ ගේට්ටුවට හානි සිදුවී ඇති අතර සිද්ධියට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ. මේ අතර දකුණු සහ බස්නාහිර පළාත්වල සිදුවෙමින් පවතින අපරාධ වැළැක්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි පොලිස්පතිවරයාට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් දුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

එසේම නීතිවිරෝධී සහ බලපත්‍ර රහිත ගිනි අවි ආරක්ෂක අංශවලට භාරදීම සඳහා ජුලි 31 වනදා දක්වා සහන කාලයක් ද ලබාදී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.