28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමනමේ කුමරු දිවි රඟ මඩලට සමුදෙයි

මනමේ කුමරු දිවි රඟ මඩලට සමුදෙයි

එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ මනමේ කුමාරයාගේ චරිතයට ද පණ පෙවූ නර්තන ආචාර්ය ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පී පී.ඒ. සුනිල් තිලකරත්න ඊයේ (21) අලුයම අභාවප්‍රාප්ත විය.

මියයන විට 52 හැවිරිදි වියේ පසුවූ ඔහු මීරිගම, බැද්දෙගෙදර, කිතලවලාන පදිංචිව සිටි තිදරු පියෙකි.

ඔහු සිංහබාහු, නරිබෑනා, අසිනි වැස්ස, රූකඩ රාජ්ජේ ඇතුළු වේදිකා නාට්‍ය ගණනාවක දස්කම් දැක්වූ ශිල්පියෙකි. ඔහු තරණ සීගිරි ඔපෙරාවේ කාශ්‍යප රජුගේ චරිතයට පණ පෙවීය. ඔහු දායක වූ වේදිකා නාට්‍ය ඇමරිකාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව සහ ප්‍රංශය ආදී රටවල්වලද වේදිකාගත කර තිබෙනවා. ඔහු ‘හෝගානා පොකුණ’ චිත්‍රපටයේ ද සම්බන්ධ විය.

දින කිහිපයකට පෙර කුරුණෑගල පැවැති රූකඩ රාජ්ජේ නර්තනයක යෙදෙමින් සිටියදී ඔහු වේදිකාවේදී හදිසියේ රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මරණයට පත්ව ඇත. දේහය අවසන් ගෞරවය සඳහා කිතලවලාන බැද්දෙගෙදර නිවසේ තැන්පත් කර තිබෙනවා.