31.7 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැඩි මිලට බිත්තර විකුණූ කඩ තුනකට දඩ

වැඩි මිලට බිත්තර විකුණූ කඩ තුනකට දඩ

පාලන මිල ඉක්මවූ මුදලකට බිත්තර අලෙවි කළ සමාගමකට සහ තවත් වෙළෙඳසැල් දෙකකට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් දඩ නියම කර තිබේ.

පාරිභෝගික අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාල නිලධාරීන් විසින් බිත්තර වැඩි මිලට අලෙවි කිරීමේ ස්ථාන සොයා සිදුකළ වැටලීමකදීයි මෙම ව්‍යාපාරික ස්ථාන තුනට එරෙහිව නඩු පවරා ඇත්තේ.

ඒ අනුව අදාළ සමාගමට රුපියල් ලක්ෂ 5ක දඩයක් නියමකර ඇති අතර අනෙක් වෙළෙඳසැල් දෙකට රුපියල් ලක්ෂය බැගින් දඩ නියම කර ඇති බවයි වාර්තා වන්නේ.