29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsළමා ක්ෂය රෝගීන් ඉහළට

ළමා ක්ෂය රෝගීන් ඉහළට

මෙරට තුළ ළමා ක්ෂය රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවත් ඉන් වැඩි සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පැවසීය.

ඒ අනුව මේ වසරේ පළමු කාර්තුව තුළ රෝගී දරුවන් 59ක් වාර්තා වී ඇති අතර 2022 පළමු කාර්තුව තුළ රෝගී දරුවන් 49ක් වාර්තා වී තිබුණි. 2022 සමස්ත රෝගීන් ගණන 187කි.

දරුවෙකුට මවු කුස තුළදීම ක්ෂය රෝග කාරක බැක්ටීරියාව ආසාදනය විය හැකි බවත්, රෝගය හේතුවෙන් වසරකට අඩු දරුවන් ජීවිත අවදානමකට ලක්වන බවත්ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තු පරිදි මෙරට සමස්ත ක්ෂය රෝගීන් ප්‍රතිශතයෙන් 08%ක් දරුවන් විය යුතු නමුත් මෙරට හඳුනාගත් ළමා ක්ෂය රෝගී ප්‍රතිශතය 03%කට අඩුවෙනි.

ඒ අනුව ළමා ක්ෂය රෝගීන් සොයා ගැනීමේ අඩුවක් පවතින බැවින් දරුවන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් වයස අවුරුදු 05ට වඩා අඩු දරුවන්ට ප්‍රතිශක්තිය අඩු බැවින් රෝගය හේතුවෙන් ඔවුන් අවදානමට ලක්වන අතර වයස වසරකට අඩු දරුවන්ට මොළය ආශ්‍රිත ක්ෂය රෝග වැළඳීම සිදුවිය හැකි සේම මිය යෑමද සිදු විය හැක.