24.5 C
Colombo
Wednesday, November 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් අද (23) උදෑසන පීලිපැනීම හේතුවෙන් සීමා වී තිබූ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට යළි යථා තත්ත්වයට පත් කර ඇති බව නානුඔය දුම්රිය ස්ථානය සඳහන් කරනවා.

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් අද (23) උදෑසන 8.30ට පමණ තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන දෙක අතර ඇති 118 ¼ සැතපුම් කණුව අසල දී පීලිපැනීමකට ලක් වුණා.

මේ හේතුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියත්, බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියත් භාණ්ඩ ප්‍රවාහන දුම්රිය පීලිපැන තිබූ ස්ථානය දක්වා ධාවනය කර දුම්රියන් දෙකෙහි ගමන් ගත් මගීන් දුම්රියන් අතර මාරු කිරීමෙන් පසු සිය ගමනාන්නතයන් දක්වා යැවීමට නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පියවර ගෙන තිබුණා.

පීලි පැනීමට ලක් වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයේ ආපදා අංශයේ සහ දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් එක්ව යළි පීලිගත කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.