26 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑක්ස්ප්‍රස් පර්ල් නඩුවට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය

එක්ස්ප්‍රස් පර්ල් නඩුවට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය

කොළඹ වාණිජ මහාධිකරණය විසින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පීඩාවට පත්වූවන්ට වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති නඩුවක් ජූලි මස 26 වනදා කැඳවීමට නියම කර තිබේ.

අද (23) සජබයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් ගොනු කළ එම නඩුව කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය අදාළ පෙත්සම සංශෝධනය කිරීමට අනුමැතිය ලබාදී ඇත.

එනම්, වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම පිළිබඳ සලකා බැලීම මීළඟ නඩු දිනයේ සිදුකරන බව අධිකරණය දැනුම් දී තිබේ.

මෙහිදී, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් පීඩාවට පත් ධීවරයින්, සංචාරක කර්මාන්තකරුවන්ට සහ පරිසරයට සිදු වූ හානිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 07 කට ආසන්න වන්දියක් අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි සමාගම එහි දේශීය නියෝජිත සමාගම ඇතුළු සමාගම් කීපයක් නම් කර ඇත.